Sunday, November 29, 2009

දේශන....

තත්පර මිනිත්තු ගත වේවි....
මිනිත්තු පැය ගෙවිල යාවි....
ඈනුමක්වත් ඇරගන්න බැරුව,
මම මුල්ම පෝලිමේ ලතවේවි......

Wednesday, October 28, 2009

To Whome It May Concern..

මම කැමතියි...
උත්තර නැති ප්‍රශ්න වලට,
ඔප්පු කරන්න බැරි තර්ක වලට,
තේරුම් ගන්න බැරි චරිත වලට,
තව...
මම කැමතියි...
කෙළින් කතා කරන අහිංසක උඹට.

Tuesday, October 27, 2009

අපි සාපේක්ෂව වෙනස්..

ඔයා දකින මමවත්,
මම දකින ඔයාවත්, නෙවෙයි..
ලෝකයා දකින අපි.

Sunday, October 25, 2009

රාත්‍රිය....

රාත්‍රිය නවතින්න..
මාව වැළඳගෙන මගේ ළඟින්ම..
අලුත් දවසක,
පරණ ප්‍රශ්නම අරන් එන,
ඒ කාලකණ්නි හිරු එළියට
එපා වැටෙන්නට දෙන්න..